අත් අඩංගුවට ගත් තඹ කම්හල් සේවකයන් මුදාහැරියේ කවුද..?

0
613
- Advertisement -

සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ත‍්‍රස්තප‍්‍රහාරය එල්ල කළ ඉන්ෂාප් අහමඞ් යන අයට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ සේවකයන් දහ දෙනෙකු අත් අඩංගුවට ගෙන පසුව ඔවුන්ගෙන් නම දෙනෙකු ඇප මත මුදා හැරියේ තමාගේ උවමනාව මත නොවේ යැයි වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ගාමිණී සෙනරත් මහතා පවසයි. සැකකරුවන්ට ඇප ලබා දෙනවාට තමා තරයේ විරුද්ධ වූ බව පවසන පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ, ඇප ලබා දීමේ තීරණය කොළඹ මහේස්ත‍්‍රාත්, ප‍්‍රියන්ත ලියනගේ මහතා විසින් තමාගේ විරෝධය නොතකා ලබා දුන් අත්තනෝමතික තීන්දුවක් බවයි. ඒ අනුව, මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ලෙස ඉල්ලා පොලිස් ස්ථානාධිපති ගාමිණී සෙනරත් මහතා අධිකරණ සේවා කොමිසම් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =