අත්‍යවශ්‍ය භාන්ඩ වැඩි මිලට අන්තර්ජාලය ඔස්සේ විකිණූ ආයතනයකට නඩු.

0
1385
- Advertisement -

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.

එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.

මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

පහතින් තිබෙන්නෙ පාරිභෝගික අධිකාරිය එම ආයතනය වැටලීමට කලින් සැමන් ටින් එකක මිළ.

පාරිභෝගික අධිකාරිය එම ආයතනය වැටලීමෙන් පසු සැමන් ටින් එකක මිළ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 4 =