අතවරය ගැන පැමිණිලි කළ තරුණිය ගිනි තබා මරා දමයි.

0
578
- Advertisement -
Share

පාසලේ විදුහල්පතිවරයා විසින් නොමනා ලෙස තමන් ස්පර්ෂ කිරීමට එරෙහිව පොලීසියට පැමිණිලි කළ බන්ග්ලාදේශ තරුණියක ගිනි තබා මරා දමා තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නුස්රාත් ජෙහාන් රාෆී නම් 19 හැවිරිදි
තරුණියකි. ඇගේ පැමිණිල්ලට අනුව පොලීසිය අදාල පාසලේ විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ. තරුණිය මරා දමා ඇත්තේ විදුහල්පතිට හිතවත් පිරිසක් විසිනි. අදාල තරුණිය ඇගේ අවසන් විභාගය ලිවීම සදහා පාසලට ගොස් සිටියදී, කිසියම් පිරිසක් විසින් විදුහල්පතිට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස ඇයට බල කර ඇති අතර, ඈ විසින් එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව පිරිස තරුණියට ගිනි තබා තිබේ. මිය යෑමට පෙර තමන් ගිනි තැබූ පිරිස පිළිබදව තොරතුරු ලබා දීමට ඈ සමත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 1 =