අතන මෙතන රතන හිමිට සහාය

0
432
- Advertisement -

අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ මහඇමතිවරුන් වන අසාද් සාලී සහ හිස්බුල්ලා යන අය ඔවුන් දැනට දරන ධූර වලින් ඉවත් කරන ලෙසට බල කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින හතරකි. මේ වන විට, දේශපාලන නායකයන් සහ පූජ්‍ය පක්ෂයේ බොහෝ පිරිසක් රතන හිමිට සහාය පල කරමින් උන් වහන්සේ බැහැ දැකීමට උපවාසය සිද්ධ වන මහනුවර දළදා මාළිගය ඉදිරි පිටට පැමිණ සිටිති. ඊට අමතරව, රතන හිමියන්ගේ උපවාසයට සහාය පල කරමින් මහනුවර සිංහල වෙළද පෙරමුණ අද දිනයේ නුවර සියළු කඩ සාප්පු වසා දැමීමටත් කළු කොඩි එසැවීමටත් තීරණය කර ඇත.එමෙන්ම, රතන හිමිට සහාය පළ කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියළු වෙළද සැල් අද සවස 3 ත් සවස 5 ත් අතර කාලයේ වසා දැමීමට තීරණය කර තිබේ. මීට පෙර මාතලේ නගරයේ ද රතන හිමිට සහාය පල කරමින් කඩ සාප්පු වසා දැමුණු අතර වැලිගම නගරයේ ත්, අළුත්ගම බස්නැවතුම්පොළ ඉදිරියේත් ඒ හිමියන්ට සහාය පළ කරමින් උද්ඝෝෂණ පැවැත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =