“අඩුමිලට අපට ම නිපදවිය හැකි දේ සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිමිලට පිටින් ගන්නේ ඇයි..?” රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් අසයි.

0
644
- Advertisement -

PT-PCR නිදර්ශක එකතු කිරීමේ කට්ටල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් නිපදවීමේ හැකියාව තිබියදී වෛද්‍ය සැපයුම් අංශ හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේය.

ඔහු අවධාරණය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මින් පෙර මෙකී වයිරස ප්‍රවාහන මාධ්‍ය සහිත නිදර්ශන කට්ටල මිලදී ගත්තේ රුපියල් 600 ක් වැනි මුදලකට වුවද, එම කට්ටල රුපියල් 350 ක් වැනි මුදලකට වෛද්‍ය පර්‌යේෂණ ආයතනයට නිපදවීමට හැකියාවක් ඇති බවය. අදාළ කට්ටලය නිපදවීම සඳහා අවැසි මාන්තුව (Swab) මිලදී ගැනීමට රුපියල් 250 ක් පමණ වැය වුවත් මෙම කට්ටලයම රුපියල් 350 කට ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඔහු කීවේය.

වත්මන් තත්ත්වය යටතේ දෛනිකව එකී කට්ටල 2000 ක පමණ නිෂ්පාදන ධාරිතාවක් ඇති බවත්, අවශ්‍ය අමුද්‍රව්‍ය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ප්‍රමාණය වැය කිරීමෙන් එකී නිෂ්පාදන ප්‍රමාණය වැඩිකර ගැනීමට අවස්ථාව ඇති බවද හෙතෙම කීවේය.

වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු සමහර රෝහල් මෙම නිදර්ශක කට්ටල මිලදී ගැනීම පිළිබඳ වැඩි නැඹුරුවක් නොදැක්වීම පිළිබඳ සැකයක් මතුවන බවත්, මූල්‍ය අක්‍රමිකතා වළක්වමින් RT-PCR නිදර්ශක එකතු කිරීමේ කට්ටල නිපදවීමේ වැඩසටහනේ වාසිය මහජනතාවටත්, රටටත් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

@aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =