අජිත් රෝහණගේ ප‍්‍රකාශයට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විරෝධය.

0
1814
- Advertisement -

ඇඳිරි නීති කාලයේ සේවයට වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු බවට පොලිසිය කර ඇති ප්‍රකාශය සම්බන්ධෙයන් එම වෘත්තිකයෝ විරෝධය දක්වති.

වෛද්‍යවරුන් හැර සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙලෙස අවසර පත්‍රයක් ලබා ගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. රටේ පවතින තත්ත්වය හමුවේ පුළුල් සේවයක් සඳහා කැපවීමට මෙම තීරණය බාධාවක් බව එම වෘත්තිකයෝ දෙන්වා දෙති.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ සේවා හැඳුනුම්පත භාවිත කර රාජකාරියට පැමිණීමට සෙසු වෘත්තිකයන්ට ද අවස්ථාව ලබා දිය යුතු බවය.

aruna.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − one =