අජිත් ප්‍රසන්න පෙබරවාරි 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
1725
- Advertisement -


විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 14 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන තරුණයින් එකොලොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කරනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙම සැකකරුවන් තුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකාර අජිත් ප්‍රසන්න වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබූ අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා දීමට තමන්ට බලයක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පරීක්ෂණවල ප්‍රගතිය විමසූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ බව කියන කස්තුරිගේ ගාමිණී නමැති සැකකරුගේ බිරිඳ සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන විජය කාන්තන් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හස් පොලිසියට නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා සහ නාවික ලුතිනන් කමාන්ඩර් චමින්ද වෙලගෙදර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරනු ලැබුවා.

සැකකරුවන් ලබන 14 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද රහස් පොලීසියට නියෝග කරනු ලැබුවා.

Neth news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =