අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමු දෙයි

0
828
- Advertisement -

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදී ඇත. ඔහු සිය සමුගැන්ම අද (28දා) ප්‍රකාශයට පත් කොට ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කදී කඩුළු 70 ක්ද එක්දින තරග 87 කදී කඩුළු 152 ක් ද පන්දුවාර 20 තරග 39 කදී කඩුළු 152 ක්ද ඔහු විසින් දවාගෙන ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචලිත කළ පන්දුයවන්නෙකු වන මෙන්ඩිස් 2015 වර්ෂයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට අසමත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දඟපන්දු භීතිකාවට නව මානයක් එක් කළ ක්‍රීඩකයෙකු ලෙසින්ද මෙන්ඩිස් සැලකිය හැක.