අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස් වේ. එජාපයෙන් කවුරුත් නෑ.

0
140
- Advertisement -
Share

අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස් වේ.
එජාපයෙන් කවුරුත් නෑ.

අගෝස්තු මාසයේ 20 වන දා, 16 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඇරඹෙන අතර, එදින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කිසිවෙකු පාර්ලිමේන්තු සභා ගැඹ තුළ අසුන් නොගනී.

එජාපයට හිමි එකම ජාතික ලස්යිතු මන්ත්‍රී ධූරය සදහා ද මෙතෙක් කිසිවකු නම් කර නැති බැවින් මේ තත්ත්වය උදා වී තිබේ.

ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නියෝජිතය්නගේ නම්, අගෝස්තු 14 වන දාට පෙර දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම සියළු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබුණත්, එජාපය පමණක් ඔවුන්ගේ නියෝජිතයා නම් කිරීම තව දුරටත් ප්‍රමාද කරමින් සිටියි.

අපේ ජන බල පක්ෂයට ද ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිව ඇති අතර, එම පක්ෂයේ අභ්‍යන්තර ආරවුලක් නිසා – ජාතික ලයිස්තුව සදහා සුදුස්සා කවුරුන්ද යන්න නම් කිරීම නීති උපදෙස් මත තීරණය කිරීමට නියමිතව තිබේ.

එජාප ජාතික ලයිස්තුව සදහා නියෝජිතයෙකු නම් කිරීමට තවත් කල් ලබා දෙන ලෙස, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

සන්ඬේ මෝර්නිං පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =