අගෝස්තු 13 ට පෙර කුරුණෑගල නගරාධිපති අල්ලා ගැනීමට මෙහෙයුමක්.

0
288
- Advertisement -

අගෝස්තු 13 ට පෙර කුරුණෑගල නගරාධිපති අල්ලා ගැනීමට මෙහෙයුමක්.

දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය බවට සැලකෙන ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව සිටින, කුරුණැගල නගරාධිපති තුෂාර සංජීව නැවැත්තා, ඊළග උසාවි දිනයට පෙර අල්ලා ගැනීම සදහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

නගරාධිපතිවරයා, නැවත උසාවියට ඉදිරිපත් කළ යුතු දිනය වන්නේ අගෝස්තු මාසයේ 13 වන දා යි. ඊට පෙර, සැගවී සිටින තැනකින් ඔහු සොයා ගැනීම සදහා, වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබේ.

ඊයේ දිනයේ දී නගරාධිපතිවරයා උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබුණද, ඔහු සැගවී සිටින තැන සොයා ගැනීමට පොලිසියට හැකි ව නොතිබුණි.

ඒ අනුව, නැවත වරක් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති අතර, එළැඹෙන 13 වන දා, නගරාධිපති තුෂාර සංජීව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =