අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඡායාරූප ගත් මාධ්‍යවේදියා නිදහස් කරන්නැයි නියෝග.

0
314
- Advertisement -

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඡායාරූප ගත්තේ යැයි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විද්‍යුත් මාධ්‍යවේදියකු නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08දා) නියෝග කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිදුකර ඇති වරදක් සම්බන්ධයෙන් පොලිසිය විත්තිකරුට කියාදී නොමැති බවද අත්අඩංගුවට ගත් වරද සම්බන්ධයෙන් කිසිදු කරුණක් පොලිසිය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන් අතර ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඡායාරූප ගත කිරීම මත අත්අඩංගුවට ගත්තේ දැයි මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අවට අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර නොමැති බවද ඒ අනුව කවරකුට හෝ එහි ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් චෝදනා නැඟිය නොහැකි බවය.

මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥයා අධිකරණයට සැලකර සිටියේ මාධ්‍යවේදියා සිය නිවෙසේ සිට රැකියාවට යන අවස්ථාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල වවා තිබූ තණකොළ සහ මල් දැක එහි ඡායාරූපයක් පමණක් ගෙන ඇති බවය. ඔහු සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නැඟිය නොහැකි බවද විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ මාධ්‍යවේදියා පොලිසිය පවරා ඇති නඩුවෙන් නිදහස් කෙරිණි.

පොලිසිය මඟින් මාධ්‍යවේදියා සතු කැමරාවක් සහ දුරකථන 2ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

mawbima.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + seventeen =