අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ ඉදන් ලංකාව ඇමතීම…!

0
553
- Advertisement -

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනාවත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ඇති බවට තොරතුරු පසුගිය සති අන්තයේ වාර්තා විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසෙනවාට අමතරව, අග්‍රාමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට යෝජනා කර තිබුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20 වන සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි.

මේ මොහොතේ රටම ජනාධිපතිවරණයකට සූදානමින් සිටින බැවින්, තමන් අගමැතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව, අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති සජිත් රනිල් බල අරගලය හමුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එළැඹීමට නියමිත ජනාධිපති මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමට හෝ එය නොපැවත්වාම සිටීමට උත්සාහ කරන බව බොහෝ දෙනා පවසති.

මේ අතර, මාල දිවයිනේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ දී එරට පාර්ලිමේන්තුව අමතා තිබුණු අතර, එහිදී ද, තමන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා කැප වී සිටින බව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, පසුගිය ඔක්තෝබරයේ සිදු වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කතාවේ දී සදහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =