අගහරුවාදා, සජිත් මෛත‍්‍රී එළිපිට හමුවේ.

0
711
- Advertisement -

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් වීමට එක් දිනක් ඉතිරිව තිබියදී, ලබන 12 වන දා, එනම් අගහරුවාදා, එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා මුණ ගැසීමට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

ගහරුවාදා, ජනාධිපතිවරයා සහභාගී වන ආගමික වැඩසටහනක් ස`දහා සහභාගී වන ලෙස, සජිත් පේ‍්‍රමදාස මහතාටද ආරාධනා කර තිබේ.
ජනාධිපතිවරයා සහ සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඉතා කිට්ටු මිත‍්‍රත්වයක් පවතී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, මෙතෙක් කිසිදු අපේක්ෂකයෙකුට ඔහුගේ සහාය ලබා දී නොතිබුණද, අගහරුවාදා දිනයේ සිදුවීමට නියමිත මෙම හමුවේ දී, ඔහුගේ සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට නියමිත බව පැවතේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 2 =