අගමැති රහසේ ජනාධිපති මුණ ගැසුනාද..? සුජීව අකිලගෙන් කරුණු විමසයි…!

0
338
- Advertisement -

විධායක ජනාධිපති දූරය අහෝසි කිරීමේ යෝජනාවක් සමඟ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක යන අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය විමසමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවසරයකින් තොරව එවැනි බරපතල යෝජනාවක් රැගෙන කිසිවෙකු ජනාධිපති මුණ ගැසී ඇත්නම් එය පක්ෂ විනය උල්ලංඝණය කිරීමක් බව පවසන සුජීව සේනසිංහ අමාත්‍යවරයා, එවැන්නක් කර ඇත්නම්, අදාල පාර්ශ්වයන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නේ ද යන්නත් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + seventeen =