අගමැති මල්වතු,අස්ගිරි පාර්ශවය බැහැ දකියි.

0
539
- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ මල්වතු මහා විහර මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරු අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන්ද හමු වී ඇත.

ඉන් අනතුරුව මැණික්හින්න, හිරිකඩුව, ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙනට ගිය අග්‍රාමාත්‍යතුමා රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපානේ පේමසිරි මහනාහිමියන්ද මුණගැසි ඇති අතර. මෙහිදි එතුමා රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් මා, මහනාහිමිවරු දැනුවත් කර ඇත.

වෙසක් උත්සවය සැමරීම පිළිබඳවත් මහනායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කරනු ලැබූ අතර ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේලා සමග පවසා ඇත. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජා කටයුතු හැකි තරම් විහාරස්ථානයන් තුළට සීමාකර කටයුතු කිරීම වඩාත් සුදුසු වන අතර ආරක්‍ෂක අංශ සමග සම්බන්ධ වී වෙසක් උත්සව වැඩ කටයුතු සිදුකිරීමට අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වනවිට සකස්කොට ඇති බවට එතුමා පවසා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + two =