අගමැති නැති අතරේ ජනාධිපති තුමාගෙන් අමුතු චක‍්‍රලේඛයක්…!

0
895
- Advertisement -

අග‍්‍රාමාත්‍යවරයාගේ, අමාත්‍ය වරුන්ගේ හෝ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට, රජයේ කටයුතු, ව්‍යාපෘති හා මූල්‍ය ගනුදෙනු සදහා මැදිහත් විය නොහැකි බවට වූ විශේෂ චක‍්‍රලේඛයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ, අමාත්‍ය වරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස හැදින්වෙන්නේ, පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ නිළධාරීන් වැනි අයයි.

මේ මගින් ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයාගේ සහ අනෙකුත් අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බලය යම් තරමක් දුරට කප්පාදු කර ඇති බව බොහෝ දෙනා පවසති.

ජනාධිපතිවරයා ගෙන තිබෙන මෙම තීරණය පැසසුමට ලක් කරන පිරිස්ද බොහෝ වෙති. කෙසේ වෙතත්, අදාල චක‍්‍රලේඛය නිකුත් කරන අවස්ථාවේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනේ නොසිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 14 =