අගමැති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි.

0
652
- Advertisement -

අගමැති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි.
හැම රටක්ම උදව් ඉල්ලූවත් අපේ ප‍්‍රමුඛතාවය ශ‍්‍රී ලංකාවටයි. චීනය පවසයි.


රට තුළ කොරෝනා වසංගත තත්ත්වය වඩාත් අවදානම් සහගත වීමත් සමග, මෙරටට අවශ්‍ය ඔක්සිජන්, වෙන්ටිලේටර්ස් ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබා දෙන ලෙස, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා විසින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ද තහවුරු කර තිබේ.

ඉන්දියාව තුළ වසංගතය දරුණු වීමත් සමග ඉන්දියාවට සමීප රාජ්‍යයන් වන නේපාලය සහ බංගලාදේශය ඇතුළුව තවත් රටවල් බොහෝ ප‍්‍රමාණයක් චීනයෙන් උදව් ඉල්ලා ඇති බව පවසන චීන තානාපති කාර්යාලය, දෙරට අතර පවතින මිත‍්‍රත්වය මත, චීනයේ ප‍්‍රමුඛතාවය ශී‍්‍ර ලංකාවට හිමිවන බව පවසා තිබේ.