අගමැති ගියේ ජනාධිපති එන්න කිව්ව නිසා..!

0
659
- Advertisement -

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් සමඟ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු බවට වූ පුවතක් පසුගිය දිනයේ වාර්තා විය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම හමුව සඳහා අග්‍රාමාත්‍යවරයා සමඟ අමාත්‍ය රවී කරුණානායක මහතා ද සහභාගී වී තිබුණි.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා මුණ ගැසුණේ, ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව බව රවී කරුණානායක මහතා පවසයි.

විධායක ජනාධිපති දූරය අහෝසි කිරීමේ 20 වන සංශෝධනයට සහාය ලබා ගැනීම සඳහා, ජනාධිපතිවරයා මෙසේ අග්‍රාමාත්‍යවරයා කැදවා තිබුණු බවයි රවී කරුණායක අමාත්‍යවරයා පවසන්නේ.