අගමැති අභයාරාමයට පැමිණෙයි. පිරිවර සෙනඟ – මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පමණයි.

0
753
- Advertisement -
Share
9 / 100

අගමැති අභයාරාමයට පැමිණෙයි.
පිරිවර සෙනඟ – මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පමණයි.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊයේ දිනයේ දී නාරාහේන්පිට අභයාරාමයට පැමිණ සිටියේ ය. ඒ, කොරෝනා උවදුර රටින් තුරන්ව යන ලෙස, සත් දිනක් පුරා අභයාරාමයේ පැවැත්වෙන පිරිත් සජ්ජායනයට සහභාගී වීම සදහා ය.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ විසි දෙව දා ය. විස්ස පැරැද්දීමට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලේ කිහිප නමක් ම උත්සාහ දැරූ නමුත්, ආණ්ඩුවේ ඇතැම් මැතිඇමතිවරු සටන පාවා දුන් බව පසුව උන්වහන්සේලාම පැවසූ හ.

කවුරු සටන් පාවාදුන්නත් තමන්වහන්සේලා සටන දිගටම ගෙනයන බවටද උන්වහන්සේලා පොරොන්දු වී තිබුණි. ඊට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසි දිනෙක තනි නොකරන බවද උන්වහන්සේලා පැවසූ හ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අභයාරාමයට පැමිණ තිබුණේ, එවැනි වටාපිටාවක ය.

අග්‍රාමාත්‍යවරයා හැරුණු විට, ඔහු සමග, අභයාරාමයට පැමිණ සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පමණි.

පෙර දී බොහෝ මැති ඇමති වරු අභයාරාමයට ආව – ගියෝ ය. අභයාරාමය – විස්සට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ පසුව, එහි නොගොස් මග හැර සිටීම
වඩාත් හොද යැයි ඒ මැති ඇමතිවරු දැන් සිතනවා වද් ද..?

අගමැතිතුමා, අභයාරාමයේ පිරිත් දේශනයට කන්දෙමින් සිටිය දී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − nineteen =