අගමැති අද මාලදිවයිනට.

0
497
- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) දින මාලදිවයින බලා පිටත් වී ඇත.

මාලදිවයිනේ දින තුනක් රැදි සිටින අග්‍රාමාත්‍යවරයා මාලදිවයින පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටලයේ හෙට සහ අනිද්දා දින පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමටද නියමිතව ඇත.

දෙරට අතර ද්විපාර්ශ්විය සබදතා ශක්තිමත් කරමින් රටවල් දෙකටම බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිතයි.

මාලදිවයින ජනාධිපතිවරයාගෙ අරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මේ සංචාරයට සහභාගි වන අතර ඉන්දීය පදනම් ආයතනය, මාලදිවයින රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබද එස්. රාජරත්නම් විද්‍යාලයේ සහය ඇතිව මෙම සමුළුව පැවැතිවීමට සුදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 13 =