අගමැතිට අභියෝගයක්. රටේ මිනිස්සුන්ගේ උප්පැන්න සහතිකේ ඉල්ලන්න කලින්, ඔබේත් – ඔබේ පියාගේත් උප්පැන්න සහතික ඉදිරිපත් කරන්න.

0
354
- Advertisement -
Share

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉදිරිපත් කරන ලද නව පුරවැසි නීතිය, ජනවාරි මාසයේ 10 වන දා සිට බලාත්මක වේ.

මෙම නව පුරවැසි නීතියට එරෙහිව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණය කළේ ය.

නව නීතියට අනුව, ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලා දේශයෙන් සහ පාකිස්ථානයෙන් ඉන්දියාවට පැමිණ සිටින, මුස්ලිම් නොවන සරණාගතයන් සදහා ඉන්දීය පුරවැසිභාවය හිමි වේ.

මුස්ලිම් ජනතාව ඉවත් කොට, අනෙකුත් පුරවැසියන්ට පමණක් ඉන්දීය පුරවැසිභාවය ලබා දීමට ගෙන තිබෙන තීරණය මත, අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම නව පුරවැසි නීතිය, මුස්ලිම් ජනතාවට එරෙහි එකක් බවට චෝදනා එල්ල වී තිබේ.

මේ තත්ත්වය යටතේ, දකුණු ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්ෂක, අනුරග් කාෂ්‍යප, අග‍්‍රාමාත්‍යවරයාට අභියෝගයක් එල්ල කර තිබේ. රටේ ජනතාව, තමන්ගේ ජාතිය සහ තමන් උපන් රට පිළිබද සහතික ඉදිරිපත් කරන්නට පෙර, අග‍්‍රාමාත්‍යවරයා ඔහුගේ සහ ඔහුගේ පියාගේ උප්පැන්න සහතික ජනතාවට ඉදිරිපත් කළ යුතුය යන්න එම අභියෝගයයි. එසේම, ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදවද සහතික ද ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + twelve =