අඛණ්ඩව ඉන්ධන සැපයීමටනම් ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500 ට අමතරව, තවත් ඩොලර් බිලියන 04 ක් අවශ්‍යයි.

0
179
- Advertisement -

අඛණ්ඩව ඉන්ධන සැපයීමටනම්
ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500 ට අමතරව, තවත් ඩොලර් බිලියන 04 ක් අවශ්‍යයි.


වසරේ ඉදිරිකාලය සදහා අඛණ්ඩව ඉන්ධන සැපයීමට නම්, ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන පන්සියයක ණය පහසුකමට අමතරව, තවත් ඩොලර් බිලියන 04 ක් අවශ්‍යව ඇතැයි වාර්තා වේ.

මෙම ඩොලර් බිලියන 04 සොයා ගන්නේ කෙසේද යන්න පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡුාවක් පැවැත් වී ඇතැයි, සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ප‍්‍රවාහන සහ විදුලි බල යන අංශ දෙක සදහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමට නම්, පළමුවෙන්ම තමන්ට ඩොලර් අවශ්‍ය බව, ශ‍්‍රී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් මහබැංකුවට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉහත හදිසි සාකච්ඡුාව පවත්වා ඇත්තේ ඛණිජ තෙල් සංස්ථාව එම ඉල්ලීමත් සමගයි.

මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව පිළිබදව සවිස්තර වාර්තාවක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් ලබා දී තිබේ.

ඒ අනුව, එක් මසක දී පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 90,000 ක්, ඞීසල් මෙටි‍්‍රක් ටොන් 150,000 ක් සහ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 90,000 ක් අවශ්‍ය ය.