අක්කර සියයක කැලෑ ඉඩම දේශපාලඥයාටම ලියා දීමේ සූදානමක්. පරිසරවේදීන් අනතුරු අගවයි.

0
460
- Advertisement -
Share

අක්කර සියයක කැලෑ ඉඩම
දේශපාලඥයාටම ලියා දීමේ සූදානමක්.
පරිසරවේදීන් අනතුරු අගවයි.


අවශේෂ කැලෑ ලෙස හදුනාගත් වනාත්තර සම්බන්ධ අයිතිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තමේන්තුවෙන් ඉවත් කර ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී. ඒ වෙනුවෙන් ආණ්ඩුව 5/2001 චක්‍රලේකය අහෝසි කිරීමට කටයුතු කරමින් සිටියි.

ආණ්ඩුවනම් පවසන්නේ, ගොවීන් ඇතුළු සාමාන්‍ය ජනතාව ගැන සිතා මේ කටයුත්තට ඔවුන් අතගසා ඇති බවයි. නමුත් පරිසරවේදීන් පවසනන්නේ, ඉඩම් හෙක්ටයාර ලක්ෂ ගණනක් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දීම සදහා රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

පහත පළ වන්නේ, පරිසරවේදී නයන සංජීව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි. යාල වනෝද්‍යානයට යාබද අක්කර සිය ගණනක වනාන්තරයක් ප්‍රාදේශීය දේශපාලඥයෙක් ඩැහැ ගැනීමට උත්සාහ කරමින් සිටින බව ඔහු චෝදනා කරයි.

5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමෙන් පසුව, මෙම වනාන්තර ප්‍රදේශය අත්පත් කර ගැනීම – එකී දේශපාලඥයාට වඩාත් පහසුවෙනු ඇති බවයි ඔහු පවසන්නේ.

“යාල ජාතික වනෝද්‍යානයට හා කුඔුකන්ඔයට මායිමිව ඇති බුත්තල දෙමෝදර ප්‍රෙද්ශයේ ඇති මෙි අක්කර සියයකට වඩා විශාලත්වයකින් යුතු කැලැ ඉඩම වැටකනු වලින් මායිමිකරගෙන අල්ලගෙන හිටියේ එවකට එක්සත් ජනතා නිදහස් සංධාන ආන්ඩුවෙි ප්‍රාදේශිය සභා මංත්‍රිවරයක්.මෙි ඉඩම ඔහු අල්ලාගෙන හිටියත් එහි නියම අයිතිකරැ ප්‍රදේශයේ හිටපු ප්‍රබල දේශපාලඥයෙක් කියලයි ගමිමුන් කිවිවෙි.වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් මෙි කැලැ ඉඩම පිලිබදව අපකල අනාවරණයන්ගෙන් පසුව වන නිළදාරින් මෙහි වැට මායිමි ඉවත්කලත් එහි අයිතිය මෙි දේශපාලකයා අතහැර ඇතැයි අප සිතන්නේ නැහැ.

කුඹුකන්ඔයට හා යාල ජාතික වනෝද්‍යානයට අයත් මෙි කැලෑ ඉඩමි හදුන්වන්නේ අවශේෂ කැලෑ කියලයි.5/2001 චක්‍රෙල්ඛණය ඉවත්කිරිමට ආන්ඩුව ගෙන තියෙන ප්‍රතිපත්ති තිරණය මත මෙි අක්කර සියයකට වඩා විශාල ඉඩම නැවත මෙි දේශපාලකයා අතට පත්විම වැලැක්විය හැකියි කියලා අපට විශ්වාසයක් නැහැ.ඒ නිසා තමයි අපි කියන්නේ 5/2001 චක්‍රලේඛනය අහෝසි කිරිම අපරාධයක් කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 19 =