අංගොඩ ලොක්කාගේ මරණය තවමත් තහවුරු වී නෑ. මුළු ප්‍රවෘත්තියම නාටකයක් වීමේ ඉඩක් පවතී.

0
216
- Advertisement -

අංගොඩ ලොක්කාගේ මරණය තවමත් තහවුරු වී නෑ.
මුළු ප්‍රවෘත්තියම නාටකයක් වීමේ ඉඩක් පවතී.

අංගොඩ ලොක්කා යනුවෙන් හදුන්වන පාතාල කල්ලි නායකයාගේ මරණය, තවමත් විද්‍යාත්මකව තහවුරු වී නැති බව වාර්තා වේ.

දැනට මේ පිළිබදව පරීක්ෂණ පවත්වන්නේ ඉන්දියානු පොලිසිය විසිනි. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ මරණය පිළිබදව විමර්ෂණ මෙතෙක් අරඹා නැත.

ඉන්දියාවේ දී මියගොස් ඇති බවට වාර්තා වී ඇත්තේ අංගොඩ ලොක්කා යන නමින් හදුන්වන පාතාල කල්ලි නායකයාදැයි සොයා ගැනීමට අවශ්‍ය තොරතුරු රැසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ පිළිබදව පරීක්ෂණ පවත්න ඉන්දීය පොලිසියට සපයා තිබේ.

මියගිය තැනැත්තා අංගොඩ ලොක්කා බවට සියයට සියයක්ම තහවුරු වන තෙක්, ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසුවෙන බව පැවසේ.

අංගොඩලොක්කාගේ මරණය සම්පූර්ණයෙන්ම නාටකයක් වීමේ ඉඩක් පවතින බවටද පොලිසිය සැක කරයි. ඔහු මිය ගිය බව පවසා, වෙනත් නමකින් නැවත ලංකාවට පැමිණීමට හෝ වෙනත් රටකට පැන ගැනීමට කුමන්ත්‍රණයක යෙදී සිටිනවාද යන සැකය පොලීසියට තිබේ.

කෙසේ වෙතත්. අපරාධ රැසකට සම්බන්ධ අංගොඩ ලොක්කා, මෙරටින් පලා ගොස් ඇති බව පොලීසිය තහවුරු කරයි.